Friday, October 22, 2010

FREE EDUCATION FOR ALL

අපි සැම නිදහස් අධ්‍යාපනය ගැන දනිමු.නමුත් නිදහස් අධ්‍යාපනයේ සැබෑ අරුත කුමක්ද?නොමිලේ ලැබෙන අධ්‍යාපනය සහ නිදහස් අධ්‍යාපනය යනු අරුත් දෙකකි.පලමු වසරේ සිට විෂ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා අප ලබන්නේ නොමිලේ ලබන අධ්‍යපනයක් බවත් එය නිදහස් අධ්‍යාපනයක් නොවන බවත් යම් කෙනෙකුට තර්ක කල හැකිය.එයට හේතු වන කරුනු රැසක් ඔබට මෙම බ්ලොග් එක කියවා අවබෝධ කරගත හැකිය

සෑම සිසුවකුටම තමාට කැමති ගුරුවරයකු තෝරා ගැනීමට අයිතියක් නිදහස් අධ්‍යාපනය තුල තිබිය යුතුය කිමද යත් ගුරුවරුන්ගෙන් ගුරුවරුන්ට ඉගැන්වීමේ ආකාරය වෙනස් වේ.එසේම සිසුන්ගේ තේරුම් ගනීමේ හැකියාවද එකිනෙකාට වෙනස්වේ.මේ කරුනු නිසා තමාට තෙරුම් ගත හැකි ලෙස උගන්වන ගුරුවරුන් සොයා යමට සිසුන් පෙළබේ.නමුත් එම අයිතිය මෙම අධ්‍යාපන ක්‍රමය තුල අපට දක්නට නොලැබේ.තවද කිහිප වාරයක් සිසුන්ට පාඩම පැහැදිලි කරන විට පන්තියේ කලය නාස්ති වීමක් ද සිදු වේ.මෙම කරුනුත් සමග වර්තමානයේ සිසුන් තම ඉගෙනීමට අන්තර්ජාලය වැඩි වෂයෙන් බවිත කිරීමට පෙළබී තිබේ.මෙම පෙලබීමත් මෙම කරුනුත් සමග සහ තාක්ශනයේ දියුනුවත් සමග VIRTUAL UNIVERSITIES යන පදය අපට හමුවෙ මුලික වශයෙන් ගත් කල VIRTUAL UNIVERSITY යනු INTERNET හරහාපඩම් ඉගෙන ගනීමට සැමටම නොමිලේ ලැබෙන අවස්තාවකි.ගුරුවරුන් UPLOAD කර ඇති LECTURES සිසුන්ට VIDEO එකක් ලෙස INTERNET හරහා නැරබිය හක,එය තෙරුම් ගැනීමට අපහසු නම් REPLAY මගින් මගින් එය නැවත නැවත නැරබීමට සිසුවට අවස්තාව අත.එසෙම තමා කැමති ගුරුවරයා උගන්වන, තමාට තෙරුම් ගැනීමට පහසු ලෙස උගන්වන VIDEO 1 ‍තෝරා ගැනීමට සිසුන්ට අවස්තාව ඇත.

VIRTUAL UNIVERSITIES හරහා ඉගෙන ගැනීම මගින් සිසුන්ට බොහෝ වාසි රසක් හිමි වේ.උදාහරන වශයෙන් ගත් කල LECTURE HALL එකට යන ගමන් ගස්තු ඉතිරිවීම,එලියෙන් කෑමට යන වියදම ඉතිරිවීම,ගමන් මහන්සිය නොමැතිවීම,මෙවැනි එකී මෙකී නොකී සෑම අකාරයකින්ම සිසුන්ට වාසි ‍රැසක් හිමිවේ.



තවද තමාට පහසු අකාරයකින් කැමති ලෙස ගෙදර සිටම පාඩම් ඉගෙනගත හැකිය. අවශ්‍ය වන එකම දෙයනම් පරිගණකයක් සහ INTERNET CONNECTIONඑකක් පමණි.මෙය තාක්ශණය හරහා හැමටම පහසුවෙන් ඉගෙන ගත හැකි ක්‍රමයකි.තමාගෙ දැනුම දියුණු කර ගත හැකි ක්‍රමයකි.මෙ අකාරයෙන් අපට මෙම දැනුම  ශ්‍රී ලන්කාවේ අස්සක් මුල්ලක් නෑර බෙදා දිය හැකිනම් ශ්‍රී ලන්කාව,ආසියාවේ නොව මුලු ලොකයේම ආශ්චර්ය බවට පත්වීම වැඩි ඈතක නොවේ.මේ ආකාරයෙන් අපට නොබෝ දිනකම ශ්‍රි ලන්කාව ලෝකයේ දැනුමේ කේන්ද්‍රස්තානයක් බවට පත් කරගත හැකිය,ඒ දිනය වැඩි ඈතක නොවේ.

අවසාන වශයෙන් මට අප වර්තමාන රජයෙන් යමක් ඉල්ලීමට තිබෙ.මෙය පෞද්ගලික ඉල්ලීමක් නොවන අතර මා මේ ඉල්ලීම කරන්නේ අප රටේ අනගතය වෙනුවෙන්ය.එය නම් අප රට පුරාවට අස්සක් මුල්ලක් නෑර BROADBAND CONNECTION FREE ලබාදෙන ලෙසය.එය කල හැකිනම්,අපි දකින ඒ සොදුරු දිනය වැඩි ඈතක නොවේ.පාලකයිනි මේ පිළිබද තීරණයක් ගනීම ඔබට බාර වේ.........